චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ සජීව විකාශය නැරඹීමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ එක්වෙති
2022-10-16 20:42:38
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ සමාරම්භක සම්මේලනයේ සජීව විකාශය නැරඹීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයෝ එක්වෙති. 

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන, සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ 13 ක නායකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ. එසේම, චීන මිත්‍ර සංගම්වල ප්‍රධානිහු ද සජීව විකාශය නැරඹූහ.

චීන මාධ්‍ය වෙත අදහස් දැක්වූ දේශපාලන නායකයෝ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ සාර්ථකත්වයට සුබ ප්‍රාර්ථනා කළහ. ඉකුත් දශකය තුළ, චීනය ලබා ඇති දැවැන්ත ජයග්‍රහණ ඉහළින් අගය කරන ඔවුහු, ෂී ජින් පිං ජනාධිපතිවරයා ගේ නායකත්වය කෙරෙහි ගෞරවනීය ප්‍රශංසාව පළකර සිටියහ. මෙම සම්මේලනයෙන් පසු, නව මාර්ග ඔස්සේ චීනයට අභිමානවත්ව ගමන් කළ හැකි බවත්, දෙරටේ මිත්‍ර සහයෝගිතා මගින් වඩාත් පුළුල්  සංවර්ධනයක් අත්පත් කළ හැකි බවත් ඔවුහු පෙන්වාදෙති.





ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම