ඉරාකයේ නව ජනපතිට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-10-15 21:04:37
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉරාකයේ නව ජනාධිපති අබ්දුල් ලතීෆ් රෂීඩ් මහතාට සුබ ප්‍රාර්ථනා කරයි. ෂී ජින් පිං මහතා අද(15) එම  සුබ පැතුම් පණිවිඩය යොමු කළේ ය.

හෙතෙම එහිදී සඳහන් කළේ, චීනය හා ඉරාකය සුහද සම්බන්ධතාවකින් බැඳීසිටින බවයි. මෑත වසරවලදී, ද්විපාර්ශ්වික දේශපාලනික විශ්වසනීයත්වය ක්‍රමයෙන් තහවුරු කර තිබේ. විවිධ ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගිතා ද ස්ථාවර ‍අයු‍රින් ඉහළ මට්ටමකට පැමිණ ඇත. දෙරට සබඳතාව ඉහළින් වැදගත් කොට සලකන බව පවසන චීන ජනාධිපතිවරයා, නව ඉරාක ජනාධිපති අබ්දුල් ලතීෆ් රෂීඩ් මහතා සමග එක්ව, චීන-ඉරාක උපායමාර්ගික හවුල්කාරීත්වයේ නව ප්‍රගතිය තහවුරු කරමින්, දෙරට ජනතාවට සුබසෙත සැලසීමට කැමැත්තෙන් සිටින බව ද සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම