රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනපති අවධාරණය කරයි
2022-10-15 16:28:36
Share with:

වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව මුහුණපා ඇති ඉඩම් ගැටලු පිළිබඳව, නැගෙනහිර පළාත් ආණ්ඩු කාර්යාලයේ ඊයේ (14)  පස්වරුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

පාරම්පරිකව වගාකෙරුණු, එහෙත් යුද්ධය නිසා අතහැර දමනු ලැබූ ඉඩම්, නැවත ගොවීන්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

ගොවි ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඉදිරි යල-මහ කන්න සාර්ථක කරගනිමින් 2023 ඇතිවිය හැකි ආහාර අර්බුදයට සූදානම් විය යුතු බව පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම