යුරෝපා ආර්ථිකයේ ඉදිරි දැක්ම අඳුරු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි
2022-10-15 14:50:29
Share with:

යුරෝපා ආර්ථිකය පිළිබඳ දැක්ම අඳුරු වන අතර, උද්ධමනය දිගටම ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යුරෝපා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇල්ෆ්‍රඩ් කැමර් පවසයි. ඔහු මේ බව කියාසිටියේ, ඊයේ (14) පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ 2022 වාර්ෂික රැස්වීමේදී ය.

බලශක්ති මිල මෙන්ම ව්‍යාපාර සහ ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් යුරෝපය උද්ධමන අර්බුදයකට මුහුණ පා සිටින බව ඇල්ෆ්‍රඩ් කැමර් මෙහිදී පැවසීය.

පොළී අනුපාත අඛණ්ඩව ඉහළ නංවන ලෙස යුරෝපයේ මධ්‍යම බැංකුවලින් ඉල්ලා සිටින ඔහු, වසර 2023 දී දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරයක් අවශ්‍ය වනු ඇතැයි ද  කියාසිටියේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම