අයහපත් කාලගුණයෙන් විසිදහසකට අධික පිරිසක් පීඩාවට
2022-10-15 16:29:42
Share with:

දිවයිනටම බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 4755 කට අයත් 20, 145 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එක් මරණයක් වාර්තා වී ඇති අතර,  තිදෙනෙක් අතුරුදන් ව සිටිති. නිවාස රැසකට හානි සිදුව තිබේ. අධික වැසි හේතුවෙන්, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කළුතර, නුවරඑළිය, රත්නපුරය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 කට නායයාම් පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.

මීට අමතරව, ගම්පහ, කොළඹ, කළුතර හා ගාල්ල දිස්ත්‍රික්කවල ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි. අවධානයෙන් පසුවන්නැයි පහත් බිම්වල ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම