ශ්‍රී ලංකාවට සහාය වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බහුපාර්ශ්වික ණයදෙන්නන් සමග සාකච්ඡා පවත්වයි
2022-10-15 17:27:26
Share with:

ශ්‍රී ලංකාවට මූල්‍ය සහාය ලබාදීම සඳහා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ආසියානු ආයෝජන බැංකුව වැනි බහුපාර්ශ්වික ණයදෙන්නන් සමග සමීපව ක්‍රියාකරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම අරමුදලේ ආසියා පැසිෆික් කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඈන් මරී මහත්මිය මේ බව පැවසුවේ, වොෂින්ටනයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

එම බහුපාර්ශ්වික ණයදෙන්නන් ලබාදෙන සහාය ශ්‍රී ලංකාවේ මූල්‍ය පරතරය අවම කරගැනීමට උපකාරී වනු ඇතැයි ඇය පෙන්වා දුන්නාය. එසේ සහාය ලබාගැනීමේදී ඔවුන්ගේ මගපෙන්වීම සහිත ක්ෂේත්‍රයන්හි ක්‍රියාවට නැංවෙන ප්‍රතිපත්ති ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධන ගැටළු විසඳීම සඳහා ඉවහල් වනු ඇතැයි ද ඈන් මරී මහත්මිය ප්‍රකාශ කළාය. එහෙත් බහුපාර්ශ්වික ණයදෙන්නන් සහාය ලබාදෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත ණය තිරසරභාවය තහවුරු කරගත් පසුව බව ද ඇය කියාසිටී.

දළ දේශීය නිෂ්පාදිතය හැකිලුන ද ශ්‍රී ලංකාව මැදි අදායම් ලබන රටක් ලෙස පවතිනු ඇතැයි ඈන් මරී මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම