ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයකට පරිවර්තනය විය යුතු බව ජනපති කියයි
2022-10-14 14:56:53
Share with:

ආර්ථිකය පිළිබඳව මෙන්ම කාලගුණික විපර්යාස කෙරෙහි ද අවධානය යොමුකිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්, ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. කාලගුණික විපර්යාස සහ ආර්ථිකය එකට බැඳී පවතී.  මේ තත්ත්වයෙන් ප්‍රකෘතිමත් ව, ආර්ථික සංවර්ධනය සාක්ෂාත් කරමින් ඉදිරියට යා යුතු බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

 ශ්‍රී ලංකාවේ ආර්ථිකය හරිත ආර්ථිකයකට පරිවර්තනය විය යුතු බවත්, එය ලෝකයේම ප්‍රවණතාව බවට පත්ව ඇති නිසා අප රටට ඉන් බැහැරවිය නොහැකි බවත් ජනාධිපතිවරයා කියාසිටී. රට සතු හැකියා ප්‍රයෝජනයට ගනිමින්, හරිත ආර්ථිකයකින් මනා ප්‍රතිලාභ ලැබිය හැකි බව ද ජනාධිපතිවරයා පැවසීය.

මේ අතර,  රනිල් වික්‍රමසිංහ මහතා, ලබන මස 6 වැනිදා දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික සමුළුවකට එක්වීමට ද නියමිතය. එය ඊජිප්තුවේදී නොවැම්බර් 18 වැනිදා තෙක් පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම