චීනයේ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ජාත්‍යන්තර පැසසුමට
2022-10-14 15:53:54
Share with:

‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ ජාත්‍යන්තර තලයේ පැසසුමට ලක්වෙයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ, චීනය සමෘද්ධිමත් සමාජයක් සාක්ෂාත් කර තිබේ. ෂී ජින් පිං ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ සමස්ත ලෝකයටම හිතකර බව ද ජාත්‍යන්තර ප්‍රජාව අවධාරණය කර ඇත.

කම්බෝජ ජනතා පක්ෂයේ ප්‍රකාශකයා එම වැඩපිළිවෙළ පසසමින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය සාර්ථක වේවා යි ප්‍රාර්ථනා කරයි.

තායිලන්තයේ ප්‍රවාහන ඇමතිවරයා පවසන්නේ ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ අනුව, තායිලන්තය හා ලාඕසය අතර දුම්රිය සේවාවන් සම්බන්ධ වී ඇති අතර, චීනයේ Kunming නගරය පවා සම්බන්ධ වී ඇති බවයි. චීනය දැවැන්ත රාජ්‍යයකි. ලෝක සංවර්ධනය උදෙසා චීනය මාර්ගෝපදේශ ලබා දී තිබේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයේ සාර්ථකත්වය  මෙන් ම  චීනයේ සංවර්ධන ඉලක්ක ජයගැනීම උදෙසා ද හෙතෙම සුබ ප්‍රාර්ථනා කරයි.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම