ආසියාවේ අන්‍යෝන්‍ය උපදේශ සහ විශ්වසනීයත්වය පිළිබඳ සම්මේලනයේ හයවැනි සමුළුව කසකස්ථානයේදී
2022-10-14 11:24:06
Share with:

ආසියාවේ අන්‍යෝන්‍ය උපදේශ සහ විශ්වසනීයත්වය පිළිබඳ සම්මේලනයේ හයවැනි සමුළුව පැවැත්වෙයි. ඒ, ඉකුත් 12, 13 දිනවල කසකස්ථානයේ අස්තානා අගනුවරදීය.

කුවේට් රාජ්‍යය 28 වැනි සාමාජික රට ලෙස නිල වශයෙන් සම්මේලනයට එක්වීම එම සමුළුවේදී සිදුවිය. යුරේසියානු ආර්ථික කොමිසම එහිදී සම්මේලනය සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා, එහි 6 වන හවුල්කාර සංවිධානය බවට පත්විය. මේ අතර, සම්මේලනයේ අරමුදල පිහිටුවීම සම්බන්ධයෙන් සියලු සාමාජික රටවල් එකඟතාවකට පැමිණි අතර, 2024 දක්වා කසක්ස්ථානය අඛණ්ඩව සභාපති රට ලෙස ද තීරණය කෙරිණ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා මාර්ගගතව එම සමුළුවට සහභාගි විය. වසර 30 ක සංවර්ධනය තුළින්, එම සම්මේලනය ආසියානු රටවල වැදගත් වේදිකාවක් බවට පත්ව ඇතැයි ද හෙතෙම  පෙන්වා දුන්නේය.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම