ජාතික හැඳුනුම්පත් ගාස්තු සංශෝධනයක්
2022-10-14 17:26:36
Share with:

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේදී අය කරන ගාස්තු සංශෝධනය කෙරේ.

ඒ සම්බන්ධයෙන්, රජය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති අතර,  නව ගාස්තු සංශෝධනය නොවැම්බර් පළමුවැනි දා සිට ක්‍රියාත්මකයි.

ඒ අනුව, ලියාපදිංචි කිරීම හා පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමේ දී රුපියල් 200 ක ගාස්තුවක් ගෙවිය යුතුය. ජාතික හැඳුනුම්පතක අනුපිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් දහසකි.

වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවෙන් නව හැඳුනුම්පතක් නිකුත් කිරීමේදී අයකෙරෙන ගාස්තු ද සංශෝධනය කර ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම