චීන-මාලදිවයින් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් දෙරට ජනාධිපතිවරුන්ගෙන් සුබ පැතුම්
2022-10-14 19:10:49
Share with:

චීන - මාලදිවයින් රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් දෙරට ජනාධිපතිවරු සුබ පැතුම් පණිවුඩ ‍හුවමාරු කරගනිති.  එම  පණිවුඩ  අද(14) යොමුකෙරිණ.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කළේ, තමා දෙරට සබඳතා වර්ධනය ඉහළින් වැදගත් කොට සලකන බවයි. මාලදිවයින් ජනාධිපති Ibrahim Mohamed Solih මහතා සමග එක්ව ප්‍රයත්න දරමින්, පූර්ණ මිත්‍රශීලී ද්විපාර්ශ්වික සහයෝගිතා හවුල්කාරීත්වය ප්‍රශස්ත අයුරින් ඉදිරියට මෙහෙයවා දෙරට ජනතාවට සුබසෙත සැලසීම තම අපේක්ෂාව බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කරයි.

මාලදිවයින් ජනාධිපති Ibrahim Mohamed Solih  මහතා ගතවූ වසර 50 තුළ, දෙරට අතර පැවති දිගුකාලීන සුහද සහයෝගී සබඳතාව තවදුරටත් තහවුරු වන බවට විශ්වාසය පළකළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම