බ්‍රිතාන්‍යයේ බදු කප්පාදු සැලැස්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානිගේ විවේචනයට ලක්වෙයි
2022-10-14 15:39:16
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා බ්‍රිතාන්‍යයේ බදු කප්පාදු සැලැස්ම විවේචනය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි Kristalina Georgieva මහත්මිය ඊයේ(13) බ්‍රිතාන්‍යයේ බදු කප්පාදු සැලැස්ම විවේචනය කරමින් පැවසුවේ, එරට මුදල් ඇමතිවරයාගේ සහ මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රතිපත්ති එකිනෙකට පරස්පර නොවිය යුතු බවයි.

හිටපු මුදල් ඇමති Rishi Sunak සැලසුම් කළ පරිදි ව්‍යාපාරික බදු අනුපාතය ඉහළ දැමීම වෙනුවට එය පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍ය වත්මන්මුදල් ඇමති Kwasi Kawarteng සැලසුම් කර තිබූ බව වාර්තා වී ඇත.

ආර්ථික වර්ධන සැලැස්ම කෙරෙහි සිය අවධානය යොමුකරන බව Kwasi Kawarteng පැවසීය. අමාත්‍ය ධුරයේ තවදුරටත් රැඳීසිටීමට අපේක්ෂා කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම