“චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික කොංග්‍රසයේ සිට ප්‍රධාන මතක සටහන්” කෘතිය නුදුරේදීම
2022-10-14 10:26:44
Share with:

“චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික කොංග්‍රසයේ සිට ප්‍රධාන මතක සටහන්” කෘතිය නුදුරේදීම ප්‍රකාශයට පත් වේ.

මෙම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඓතිහාසික ග්‍රන්ථ පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කරනු ලැබූ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට පසුබිමක් සපයමින් එළිදැක්වේ.  

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වන ජාතික කොංග්‍රසයේ සිට ගතවූ වසර 5 අතිශය වැදගත් කාලසීමාවකි.

ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව, ප්‍රතිසංස්කරණ, සංවර්ධනය සහ ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, රාජ්‍යතාන්ත්‍රික, අභ්‍යන්තර කටයුතු හා ජාතික ආරක්ෂාව මෙන්ම, පක්ෂය, රට සහ හමුදාව පාලනය කිරීම ප්‍රවර්ධනය කිරීමේ දී යොදාගත් විශිෂ්ට භාවිතයන්, මෙම ග්‍රන්ථයේ සවිස්තර ව සඳහන් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව ඉදිරිපත් කළ නිර්මාණශීලී නව චින්තනය, රට පාලනය කිරීම පිළිබඳ නව සංකල්පය, නව අදහස් හා නව උපාය ද මෙම ග්‍රන්ථයේ සඳහන් කෙරේ.

සමාජවාදී නවීනකරණ රටක් පූර්ණ වශයෙන් ගොඩනැගීම සඳහා මෙන්ම, චීන ජාතියේ මහා පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය සඳහා ද, මෙම ග්‍රන්ථය ඉතා වැදගත් වේ.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම