ජර්මනියේ ආර්ථික වර්ධන අපේක්ෂාව පහළ දැමේ
2022-10-13 12:10:45
Share with:

ජර්මනිය මෙම වසරේ හා ලබන වසරේ අපේක්ෂිත ආර්ථික වර්ධනය අඩු කරයි.

ජර්මන් ආර්ථික හා දේශගුණ ආරක්ෂක අමාත්‍යංශය ඊයේ(12) පළ කළ සරත් ඍතුවේ ආර්ථික අනාවැකියට අනුව මේ වසරේ සියයට 1.4කින් ජර්මන් ආර්ථිකය වර්ධනය වනු ඇති අතර ලබන වසරේ එය සියයට 0.4කින් අඩු වනු ඇත. එහෙත් පසුගිය වසන්ත ඍතුවේ පළ කළ ආර්ථික අනාවැකියේ සඳහන් වන පරිදි මෙම වසරේ හා ලබන වසරේ ආර්ථික වර්ධන අනුපාතය වෙන් වෙන් ව සියයට 2.2ක් හා 2.5ක් විය. නව අනාවැකියේ අගය පෙරට වඩා කැපී පෙනෙන ලෙස අඩු කර ඇත. රුසියා-යුක්රේන අර්බුදය, රුසියා ගෑස් සැපයුම නතර වීමෙන් බලශක්ති මිල ඉහල යාම, ඉහළ උද්ධමනය හේතුවෙන් කර්මාන්ත නිෂ්පාදනයට බාධා එල්ල වීම ඇතුළු සාධක ඊට ප්‍රධාන හේතු වේ.  එමෙන්ම පෞද්ගලික පරිභෝජනයට ද ඉන් බලපෑම් සිදු වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම