දරුවන් විරෝධතාවලට රැගෙන යාම නීතිය අනුව බරපතල වරදක් බව ජනපති කියයි
2022-10-13 16:51:05
Share with:

දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට රැගෙන යාම රටේ නීතිය අනුව ද බරපතල වරදක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. 

ඒ අනුව, කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නැයි ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොලීසියට උපදෙස් දී ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ, ළමා අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව ඊයේ (12)  ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව දරුවන් ආරක්ෂා කරගැනීම රජයක ප්‍රමුඛ වගකීම බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම හා සම්බන්ධ ආයතනවලට දරුවන් පිළිබඳ වගකීම් පැවරීමට ද එහිදී පියවර ගෙන ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම