බොස්නියා සහ හර්සගොවිනියාවට යුරෝපා සංගමයේ සාමාජිකත්ව අපේක්ෂක ධුරයක් ලබා දීමට යෝජනාවක්
2022-10-13 12:19:23
Share with:

යුරෝපා කොමිසම බොස්නියා සහ හර්සගොවිනියාවට යුරෝපා සංගමයේ සාමාජිකත්ව අපේක්ෂක ධුරයක් ලබා දීම සඳහා යුරෝපා කවුන්සිලයට යෝජනා කරයි. ඊයේ(12) "2022 සාමාජිකයන් පුළුල් කිරීමේ ලේඛන මාලාව" සම්මත කරමින් එම යෝජනාව සිදු කෙරිණ

යුරෝපා කොමිසම ඊයේ(12) පළ කළ නිවේදනයකට අනුව, බටහිර බෝල්කන් රටවල් සහ තුර්කිය, යුරෝපා සංගමයට එක්වීමේ ප්‍රගතිය පිළිබඳව, "2022 සාමාජිකයන් පුළුල් වීමේ ලේඛන මාලාවේ"  සවිස්තරාත්මකව දක්වා ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, නීතියේ පාලනය මෙන්ම, දූෂණයට සහ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීමට, බොස්නියාව සහ හර්සගොවිනියාව පියවර ගෙන තිබේ. ඒ අනුව එරටට යුරෝපා සංගමයේ අපේක්ෂක ධුරයක් ලබා දීම සඳහා යුරෝපා  කවුන්සිලයට යෝජනා කරන බව, මෙම නිවේදනයේ සඳහන් වෙයි. සමස්ත බටහිර බෝල්කන් ප්‍රදේශයම යුරෝපා සංගමයට එක් වීම ප්‍රවර්ධනය කෙරෙනු ඇතැයි ද හෙළි වී තිබේ.

 යුරෝපීය කොමිසම විසින් කරන ලද නිර්දේශ බලාත්මක වීම සඳහා, යුරෝපීය කවුන්සිලය හෙවත් යුරෝපා සංගමයේ සාමාජික රටවල ඒකමතික අනුමැතිය අවශ්‍ය වේ.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම