ඇල්ජීරියාව සමඟ බලශක්ති සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කරයි
2022-10-13 09:47:35
Share with:

ඇල්ජීරියාව සමඟ බලශක්ති සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට යුරෝපා සංගමය කැමැත්ත පළ කරයි.

යුරෝපා සංගමයේ බලශක්ති කටයුතු පිළිබඳ කොමසාරිස් Kadri Simson මහත්මිය පසුගිය 10,11 වැනිදා ඇල්ජීරියාවේ සංචාරයක නිරත වූවාය. ඇල්ජීරියාව සමඟ නව ස්වාභාවික ගෑස් නිධි සංවර්ධනය කිරීම හා ඇල්ජීරියාවෙන් යුරෝපයට සිදු කරන ගෑස් සැපයුම වැඩි කිරීම ඇතුළු සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට යුරෝපා සංගමය කැමැත්තෙන් පසු වන බව Kadri Simson මහත්මිය එම සංචාරයේදී පැවසුවාය. ස්වාභාවික ගෑස්, පුනර්ජනනීය බලශක්තිය, හරිත හයිඩ්රජන් බලශක්තිය ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා සම්බන්ධයෙන් ඉහළ  අපේක්ෂාවකින් පසුවන බව ද ඇය සඳහන් කළාය.

ද්විපාර්ශ්වික බලශක්ති ආරක්ෂාව සහතික කිරීමට යුරෝපා සංගමයේ ව්‍යවසායන් තම රටේ බලශක්ති ව්‍යාපෘතිවල ආයෝජනය කිරීම  ඇල්ජීරියාව පිළිගන්නා බව ද එරට අගමැතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම