සංවර්ධිත රටවල් අප්‍රිකාව වෙනුවෙන් ලබා දී ඇති දේශගුණ මූල්‍යකරණ ප්‍රතිඥා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවට චීනයෙන් ප්‍රකාශයක්
2022-10-13 09:30:09
Share with:

සංවර්ධිත රටවල් අප්‍රිකාව වෙනුවෙන් ලබා දී ඇති දේශගුණ මූල්‍යකරණ ප්‍රතිඥා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඊයේ(12) පැවති අප්‍රිකානු දේශගුණය හා ආරක්ෂාව පිළිබඳ විවෘත විවාදයේදී එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර උප නියෝජිත Dai Bing මහතා මේ බව පැවසීය. 

අප්‍රිකාවේ බහුතර රටවල් තවමත් කර්මාන්තකරණ ප්‍රාථමික අවධියක පසුවෙයි. අදාළ රටවලට ආර්ථීක ,සාමාජීය සංවර්ධනය හා දේශගුණ විපර්යාසය පිළිබඳ ද්විත්ව වගකීම් වලට මුහුණ දීමට සිදුව ඇති බව හෙතෙම විග්‍රහ කළේය. දේශගුණික විපර්යාසයට මුහුණදීම සඳහා සෑම වසරකම සංවර්ධනය වෙමින් පවතින රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 100ක මුදල් සැපයීමට සංවර්ධිත රටවල් ප්‍රතිඥා  දී ඇත.එමෙන්ම, 2025 වසර වනවිට අප්‍රිකාවේ දිළිඳු රටවලට යොමු කරන මූල්‍ය අනුබලය දෙගුණයකින් වැඩි කරන බවට ද යුරෝපා සංවර්ධිත රටවල් ප්‍රතිඥා ලබාදී ඇත.අදාළ ප්‍රතිඥා ප්‍රායෝගික ලෙස ඉටු කර අප්‍රිකානු රටවල‍ට අදාළ මුදල් ලබා ගැනීමට පහසුකම් සැලසිය යුතු බව Dai Bing මහතා සඳහන් කළේය.     

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම