සෑම ග්‍රාමසේවා වසමකම ජන සභාවක්
2022-10-13 16:57:41
Share with:

සෑම ග්‍රාමසේවා වසමකම ජන සභාවක් බැගින් පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුවෙයි. ජනතාවට තම ගමේ කටයුතු පිළිබඳව එක්ව තීරණ ගැනීමට එමගින් අවස්ථාව උදාවෙයි.

ආසන්න වශයෙන් පවුල් 500 ක් සඳහා එක් ජන සභාවක් පිහිටුවීමට අපේක්ෂිතයි. ඒ අනුව ජන සභා 1422 ක් දිවයිනපුරා ස්ථාපනය කෙරෙනු ඇත.

ජාති, ආගම් හෝ දේශපාලන පක්‍ෂ  භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් සියලුදෙනා ඒකරාශි කිරීම ජන සභා පිහිටුවීමේ අරමුණයි. ජන සභා ස්ථාපනය  වඩාත් කාර්යක්ෂමව ඉටුකිරීමට ජාතික ජනසභා ලේකම් කාර්යාලයක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ සංදේශයකට ඇමති මණ්ඩල අනුමැතිය ද හිමිව ඇත.  

ජනසභා පිහිටුවීමේ යෝජනාව ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ හිටපු කථානායක කරු ජයසූරිය මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම