සරණාගත ප්‍රශ්න විසඳීමට වැඩි සහයෝගයක් ලබා දෙන ලෙසට චීනය බටහිර රටවලින් ඉල්ලයි
2022-10-13 09:29:38
Share with:

සරණාගත ප්‍රශ්නය සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය පැහැදිලි කෙරේ. සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විධායක කමිටුවේ 73 වැනි රැස්වීමේ ඊයේ (11) පැවති සාමාන්‍ය විවාදයේදී ජිනීවා හි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත තානාපති Chen Xu මහතා එම ස්ථාවරය පැහැදිලි කළේ ය .

සරණාගත ගැටළු විසඳී‍මේදී සහ මානුෂීය ආධාර සැපයීමේදී සම්බන්ධීකරණ කාර්යභාරයක් ඉටු කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සරණාගත ඒජන්සිය වැනි බහුපාර්ශ්වික ආයතනවලට චීනය සහාය වන බව Chen Xu මහතා එහිදී අවධාරණය කළේය. යුද්ධ, ගැටුම්, දරිද්‍රතාවය සහ ආර්ථික පසුගාමීත්වය වැනි කේන්ද්‍රීය ගැටළු නිරාකරණය කළ යුතු බව හෙතෙම එහිදී පැවසීය. ලෝකයේ සරණාගතයින්ගෙන් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් සංවර්ධනය වෙමින් පවතින රටවල් විසින් භාර ගෙන තිබේ. සංවර්ධිත රටවල් සිය ප්‍රතිඥා සක්‍රීය අන්දමින් ක්‍රියාත්මක කළ යුතු අතර සරණාගතයින්ට සහ සරණාගතයින්ට රැකවරණ සලසා දුන් රටවලට වැඩි සහයෝගයක් ලබා දිය යුතු බව හෙතෙම පැවසීය.

ඇමරිකාව ප්‍රමුඛ ඇතැම් බටහිර රටවල් දිගු කාලයක් පුරා යුද්ධ හා කැළඹීම් උද්දීපනය කරමින් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වෙමින් මානුෂීය ව්‍යසන නිර්මාණය කර ඇති  බව Chen Xu මහතා පෙන්වා දුන්නේය. තමන්ගේ ක්‍රියාවන් පිළිබඳව බැරෑරුම් ලෙස මෙනෙහි කර නිසි වගකීම් ඉටු කරන ලෙස චීනය එම රටවලින් ඉල්ලා සිටින බව Chen Xu මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම