රටක් ආහාර හා ආර්ථික වශයෙන්ද සුරක්ෂිත විය යුතු බව ජනපති කියයි
2022-10-12 16:17:16
Share with:

රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව, ආහාර හා ආර්ථික වශයෙන්ද සුරක්ෂිත විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී මතු වු ගැටලු හුදෙක් රාජ්‍යතන්ත්‍රය තුළ පවතින බිඳවැටීම නිසා හටගෙන ඇති නම්, ඒවා නිරාකරණය කර ගැනීමට ඕනෑම අවස්ථාවක මැදිහත්වීමට තමා සුදානම් බව හෙතෙම අවධාරණය කරයි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (11) පැවැති ජාතික ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවද හෙතෙම මෙහිදී පෙන්වා දුන්නේය.

කිසිදු පුරවැසියෙකු ආහාර නොමැතිකමින් කුසගින්නේ නොසිටිය යුතුය යන තේමාවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දීපව්‍යාප්තව අදාළ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. දිස්ත්‍රික් මට්ටමින් එහි ප්‍රගතිය මෙම රැස්වීමේ දී විමසා බැලිණ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම