ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය ප්‍රංශ ආර්ථික හා මුදල් අමාත්‍යවරයාගේ විවේචනයට
2022-10-12 10:13:07
Share with:

        ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය ප්‍රංශ ආර්ථික හා මුදල් අමාත්‍යවරයාගේ විවේචනයට ලක් වේ.

        ප්‍රංශ ආර්ථික හා මුදල් අමාත්‍ය Bruno Le Maire මහතා 10වැනි දා එර‍ට මහජන කොංග්‍රසයේ දේශනයක් පවත්වමින් ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය විවේචනය කළේ ය. යුකේරේන අර්බුදයෙන් ඇමරිකාව ගෝලීය ආර්ථිකයේ මෙහෙයුම්කරුවා වීමටත් යුරෝපා ආර්ථිකය පිරිහීමටත් ප්‍රංශය ඉඩ නොතබන බව ඔහු එහිදී පෙන්වා දුන්නේ ය. යුරෝපා ආර්ථිකය පිරිහීම කිසිවෙකුගේ හෝ යහපතට නොගැලපේ. බලශක්ති ඇතුළු ක්ෂේත්‍රවල ඇමරිකාව හා යුරෝපා මහාද්වීපය අතර වඩාත් සමබර ආර්ථික සබඳතාවක් ස්ථාපිත කළ යුතු බව Bruno Le Maire මහතා අවධාරණය කරයි.

         බලශක්ති මිළ ඉහළ යාමෙන් ප්‍රංශ කර්මාන්ත අංශයට සෘජු බලපෑමක් සිදු වී තිබේ. ඇතැම් ව්‍යවසායන් නිෂ්පාදන කපා හැර දමා ඇති අතර තවත් ව්‍යවසායන් ඇමරිකාව හා කැනඩාව වැනි අවම බලශක්ති මිළ ඇති රටවල් වෙත නිෂ්පාදන මාර්ග මාරු කරමින් සිටී. ඉන් ප්‍රංශයේ ප්‍රතිකාර්මිකකරණ උපායට තර්ජනයක් එල්ල වී ඇතැයි  ප්‍රංශ ආර්ථික හා මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම