ලබන වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහල දැමේ
2022-10-12 09:42:18
Share with:

ලබන වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව සියයට 2.7ක් දක්වා පහල දැමේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඊයේ(11) නිකුත් කළ ‘ලෝක ආර්ථික දැක්ම වාර්තාව’ මගින් ලෝක ආර්ථික වර්ධන අපේක්ෂාව එලෙස පහල දමා ඇත. මෙම වසරේ ලෝක ආර්ථිකය සියයට 3.2කින් වර්ධනය වනු ඇති අතර එය ජූලි මාසයේ සිදු කෙරුණු ඇස්තමේන්තුවට සමාන වෙයි. ලබන වසරේ එම අනුපාතය සියයට 2.7ක් වන අතර ජූලි මාසයේ ඇස්තමේන්තුවට, එය සියයට 0.2ක පහල දැමීමකි.

වර්තමානයේ ගෝලීය ආර්ථිකය අභියෝග රැසකට මුහුණ පා ඇත. උද්ධමනය ගෙවී ගිය දශක ගණනාවක් තුළ උපරිම මට්ටමකට පැමිණ ඇත. බොහෝ ප්‍රදේශවල මුල්‍ය පරිසරය ද දැඩි තත්ත්වයක පවතී. යුක්‍රේන අර්බුදය හා වසංගතය තවමත් අවසන් වී නොමැත. ඒවා ගෝලීය ආර්ථික වර්ධන දැක්මට දැඩි ලෙස බලපා ඇතැයි එම වාර්තාව පෙන්වා දෙයි. 

එවන් තත්ත්වයක් හමුවේ, උද්ධමන ප්‍රශ්නයට මුහුණදීමට මුදල් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී දෝෂ සිදුවීමේ අවදානම් ද පවතී. වඩාත් පුළුල්ව වැඩිවන බලශක්ති හා ආහාර මිල ගැටළුවෙන් උද්ධමනය වඩාත් දිගු කාලයක් පැවතීමේ හැකියාවත් පවතින බව ද එම වාර්තාව පවසා ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම