එක්සත් ජාතීන්ගේ ගෝලීය චන්ද්‍රිකා සංචලන පද්ධතිය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ 16 වැනි සම්මේලනයට චීන නියෝජිත පිරිසක්
2022-10-11 19:00:11
Share with:

එක්සත් ජාතීන්ගේ ගෝලීය චන්ද්‍රිකා සංචලන පද්ධතිය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ 16 වැනි සම්මේලනයට චීන නියෝජිත පිරිසක් සහභාගි වෙති.

එක්සත් ජාතීන්ගේ ගෝලීය චන්ද්‍රිකා සංචලන පද්ධතිය පිළිබඳ ජාත්‍යන්තර කමිටුවේ 16 වැනි සම්මේලනය ඊයේ(10) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබියේදී ආරම්භ විය. Beidou චන්ද්‍රිකා සංචලන පද්ධති ව්‍යාපෘතියේ ප්‍රධාන සැලසුම්කරු Yang Changfeng ප්‍රමුඛ චීන නියෝජිත පිරිස එම සම්මේලනයට සහභාගි වී ප්‍රධාන යෝජනා ගණනාවක් සම්බන්ධයෙන් චීනයේ විසඳුම් ඉදිරිපත් කර ඇත.

චීනය, ඇමරිකාව, රුසියාව, යුරෝපා සංගමය, ජපානය සහ ඉන්දියාව යනාදී රටවල ගෝලීය හා කලාපීය චන්ද්‍රිකා සංචලන පද්ධති සැපයුම්කරුවන් මෙන්ම, දකුණු කොරියාවේ, පාකිස්ථානයේ සහ ජාත්‍යන්තර සමුද්‍රීය ගුවන්විදුලි තාක්ෂණික කමිටුවේ ආරාධිත නිරීක්ෂකයන්, ලෝක චන්ද්‍රිකා සංචලන ක්ෂේත්‍රයේ උණුසුම් මාතෘකා පිළිබඳව මෙහිදී ගැඹුරින් අදහස් හුවමාරු කර තිබේ.

සම්මේලනය ලබන 14 වැනිදා අවසන් වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම