රාජ්‍ය ආයතන වෙත යොමුවන ජනතා ඉල්ලීම් සඳහා ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලිය විධිමත් කෙරේ
2022-10-11 16:25:04
Share with:

ජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමුකරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙයි.  කාලය, ශ්‍රමය හා මුදල් වැයකර රාජ්‍ය ආයතනවලට පැමිණීම නවතා, ජනතා අවශ්‍යතාවන්ට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අදාළ කාර්යයන් ඉටුකරදීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙහි අරමුණයි.

මේ පිළිබඳ සියලු විධිවිධාන ඇතුළත් ලිපියක් රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ අත්සනින් යුතුව අදාළ සියලු නිලධාරීන් වෙත යවා ඇත.

කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන පණිවිඩ දිනපතා පරික්ෂා කළ යුතු අතර,  ඒ සඳහා නිශ්චිත නිලධාරියෙකු පත්කෙරේ. ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්විය යුතු ක්‍රමවේද සියල්ල  රාජ්‍ය පරිපාලන ලේකම්වරයාගේ ලිපියේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම