ඇමරිකාව යුක්රේනයට යුදමය සහාය දැක්වීමෙන් තම රට හා NATO සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තීව්‍ර වනු ඇතැයි රුසියාව පවසයි
2022-10-11 17:03:26
Share with:

ඇමරිකාව යුක්රේනයට යුදමය සහාය දැක්වීම මගින්, රුසියාව හා NATO සංවිධානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තීව්‍ර කෙරෙනු ඇතැයි රුසියානු නිලධාරීහු පවසති.

ඇමරිකාවේ රුසියානු තානාපති Anatoly Antonov මහතා ඊයේ(10) පැවසුවේ, යුක්රේනය වෙත යුදමය සහාය තවදුරටත් ලබාදීම පිළිබඳ ඇමරිකානු රජයේ නිවේදනය මගින් ඇමරිකාව, රුසියානු-යුක්රේන ගැටුම් වෙනුවෙන් පෙනී සිටින්නෙකු බව තහවුරු කර ඇති බවයි. මෙය රුසියානු මාධ්‍ය වාර්තා කර තිබිණ.

යුදමය ආධාර, බුද්ධි තොරතුරු, පුද්ගල මෙන්ම චන්ද්‍රිකා ස්ථානගත කිරීමේ සහාය ද ඊට ඇතුළත් ය. ඇමරිකාව හා එරට හවුල්කරුවන් රුසියාව තවදුරටත් ප්‍රකෝපයට පත් නොකර යුක්රේනයට මිනිස් ඝාතක අවි සැපයීම නතර කළ යුතු බවට ඇමරිකාවේ රුසියානු තානාපතිවරයා අනතුරු ඇඟවීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම