මෙරටට සංචාරකයන් පැමිණීමේ වර්ධනයක්
2022-10-11 16:59:26
Share with:

මේ වසරේ මෙරටට සංචාරකයන් පැමිණීම ඉහළ ගොස් ඇති බව මහබැංකු දත්ත පෙන්වාදෙයි.

ඉකුත් සැප්තැම්බර් මාසයේ දී පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 29, 800 ක් වන අතර එය 2021 වසරට සාපේක්ෂව 119% ක වර්ධනයකි.

එමෙන්ම, මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ සංචාරකයන් 526,000 ක් දිවයිනට පැමිණ ඇති අතර,  2021 වසරේ එම කාල සීමාව හා සසඳන විට එය 1287.6% ක වර්ධනයකි. 

වසරේ ඉකුත් මාස 9 තුළ මෙරට සංචාරක කර්මාන්තය ඉපයූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 946.4ක් බව මහබැංකු දත්ත වාර්තාවල දැක්වේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම