රියදුරු බලපත්‍ර ගාස්තු ඉහළට
2022-10-11 16:37:00
Share with:

රියදුරු බලපත්‍රයක් ලබාගැනීම හා ඊට අදාළ අනෙකුත් සේවා සඳහා මෙතෙක් පැවති ගාස්තු සංශෝධනය කෙරේ.  ඔක්තෝබර් 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 

ඒ අනුව, එක් රථ වාහන පන්තියක් සඳහා රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීමේ ගාස්තුව රුපියල් 2,500ක් දක්වා ඉහළ නංවා තිබේ.  එක් දින සේවය යටතේ එම ගාස්තුව රුපියල් 3,500 කි.

එකවර රථ වාහන පන්ති 03ක් හෝ කිහිපයක් සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමේදී රුපියල් 3,500ක මුදලක් අයකෙරෙන අතර, එක් දින සේවය යටතේ එම ගාස්තුව රුපියල් 4,500 දක්වා සංශෝධනය කර ඇත. 

‍පවතින රියදුරු බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් 2,800 ක මුදලක් අයකෙරේ. එක් දින සේවය යටතේ එම ගාස්තුව රුපියල් 4000කි. එසේම, ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 3,000ක් ලෙස සංශෝධනය කර ඇති බව ද ගැසට් නිවේදනයේ දැක්වෙයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම