ආර්ථික අර්බුද මධ්‍යයේ කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති අඛණ්ඩව
2022-10-10 15:27:53
Share with:

පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩුආදායම්ලාභී ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි.

මහා භාණ්ඩාගාරයට බරක් නොවී එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මුදල් සපයා ගැනීමට විකල්ප ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙසද අමාත්‍යවරයා දැනුම් දී ඇත.

මේ යටතේ, ආසියානු යටිතල පහසුකම් සහ ආයෝජන බැංකුවේ ණය ආධාර මත නිවාස ඒකක 5500ක් ඉදිකිරීමට ද යෝජනා කර ඇත. එයින් මහල් නිවාස ඒකක 4074ක ඉදිකිරීම් මේ වනවිටත් ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පවසයි.

එමෙන්ම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබීමට නියමිත යුවාන් මිලියන 552ක මුදලක් උපයෝගී කරගනිමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා මෙන්ම කලාකරුවන් සඳහාත් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම ව්‍යාපෘති යටතේ පෑලියගොඩ, මොරටුව, දෙමටගොඩ, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල නිවාස ඒකක 2000 ක් ඉදිකිරීමට නියමිත බවද ප්‍රසන්න රණතුංග මහතා කියාසිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම