ඇමරිකාවේ පැතිර යන monkeypox වසංගතයෙන් පවා වාර්ගික විෂමතාව පිළිබිඹු කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි
2022-10-10 16:42:26
Share with:

ඇමරිකාවේ පැතිර යන monkeypox වසංගතයෙන් පවා වාර්ගික විෂමතාව පිළිබිඹු කෙරෙන බව ඇමරිකානු මාධ්‍ය පවසයි.

ඇමරිකාවේ monkeypox වසංගතය හටගත්දා සිට මේ දක්වා වාර්තා වී ඇති ලතින් ඇමරිකානු සම්භවයක් සහිත ආසාදිතයන්ගේ සංඛ්‍යාව, එරට සුදු ජාතික ආසාදිතයන්ට සාපේක්ෂව බෙහෙවින් වැඩි බව එරට මාධ්‍ය පෙන්වා දී ඇත. එසේම, සුදු ජාතිකයන් එන්නත් ලබාගැනීමේ අනුපාතය ලතින් ඇමරිකානු සම්භවයක් සහිත පුරවැසියන්ට වඩා ඉහළ අගයක පවතී.

ඇමරිකාවේ monkeypox රෝගයට ගොදුරු වී ඇති  සුදු ජාතිකයන් සංඛ්‍යාව සතිපතා ම සමස්ත රෝගී සංඛ්‍යාවෙන් 30%කට අඩු අගයක් ගෙන ඇත. එහෙත්, එම එන්නතේ පළමුවැනි මාත්‍රාවේ අඩක් පමණ ලබාගෙන ඇත්තේ සුදු ජාතිකයන් විසිනි. ලතින් ඇමරිකානු සම්භවයක් සහිත පුරවැසියන් එම එන්නත් ලබාගැනීමේ අනුපාතය 20%ක් පමණකි.

පසුගිය පළමුවැනි දා වනවිට, New York නගරයේ monkeypox රෝගයෙන් පෙළෙන ලතින් ඇමරිකානු සම්භවයක් සහිත පුරවැසියන්ගේ අනුපාතය 34%ක් බව, නාගරික සෞඛ්‍ය හා මානසික සෞඛ්‍ය කාර්යාංශ දත්තවල දැක්වෙයි. Los Angeles හි එම අනුපාතය 45% ක් ලෙස කැපීපෙනෙන අගයක පවතී.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම