චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව පරමාදර්ශී ව්‍යාපෘතියක් බවට පත්වනු ඇතැයි චීනය කියයි
2022-10-10 16:54:29
Share with:

‘ එක් තීරයක් - එක් මාවතක් ’ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක  චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතියේ වැදගත්කම චීනය යළි අවධාරණය කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Maoning මහත්මිය අද(10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් ක‍ළා ය. චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව ‘ එක් තීරයක් - එක් මාවතක් ’ වැඩපිළිවෙළේ පුරෝගාමී ව්‍යාපෘතියකි. මෙය නවයුගයේ චීනය හා පාකිස්ථානය අතර ක්‍රියාත්මක සන්ධිස්ථානගත ව්‍යාපෘතියක් ද වේ. පාකිස්ථානය සමග එක්ව සාකච්ඡා පැවැත්වීම, පොදුවේ ඉදිකිරීම හා පොදුවේ බෙදාගැනීම මත පදනම්ව, පොදු-ජයග්‍රාහී සහයෝගිතා පුළුල් කිරීම චීනයේ අපේක්ෂාවයි. එසේම, මෙම ව්‍යාපෘතිය ‘ එක් තීරයක් - එක් මාවතක් ’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම සඳහා වන අධිගුණාත්මක, පරමාදර්ශී ව්‍යාපෘතියක් බවට  පත්කරමින් දෙරටේ මෙන් ම කලාපීය ජනතාව වෙත සුබසෙත සැලසීම චීනයේ අපේක්ෂාව බව ද ප්‍රකාශිකා Maoning මහත්මිය සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම