මිත්‍රශීලී නොවන රටවල භාණ්ඩ ප්‍රවාහන රථ රුසියාවට ඇතුළුවීම තහනම්
2022-10-10 16:33:46
Share with:

මිත්‍රශීලී නොවන රටවලින් භාණ්ඩ ප්‍රවාහන රථ තම රටට ඇතුළුවීම වළකන රුසියාවේ තහනම ක්‍රියාත්මක වේ.

යුරෝපා සංගමය, නෝර්වේ, යුක්රේනය සහ බ්‍රිතාන්‍යය යන රටවලින් භාණ්ඩ ප්‍රවාහන රථ තම රටට ඇතුළුවීම වළකමින් රුසියානු රජය පනවා ඇති තහනම අද(10) සිට ක්‍රියාත්මකයි. එය මේ වසරේ දෙසැම්බර් මස අවසානය දක්වා බලාත්මක වනු ඇත. ඉහත සඳහන් රටවලින් රැගෙන එන භාණ්ඩ, Kaliningrad, Leningrad සහ St Petersburg යන ප්‍රදේශ වෙත රුසියානු වාහන මගින් ප්‍රවාහනය කරනු ලැබේ.

යුරෝපා සංගමය, නෝර්වේ, යුක්රේනය සහ බ්‍රිතාන්‍යය යන මිත්‍රශීලී නොවන රටවලින් භාණ්ඩ ප්‍රවාහන රථ රුසියාවට ඇතුළුවීම තහනම් කිරීමේ නියෝගයට රුසියානු අගමැති Mikhail Mishustin මහතා අත්සන් තැබුවේ මෙම මස මුලදී ය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම