පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩකින් අඩුකිරීමේ තීරණයක්
2022-10-10 17:20:17
Share with:

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට තීරණය කර ඇතැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. මේ අනුව ප්‍රාදේශීය සභා, මහ නගර සභා හා නගර සභාවන්හි සභික සංඛ්‍යාව අඩකින් අඩුකෙරෙනු ඇත. ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ඉහත පියවර ගැනීමට අදහස් කරන බව ද ජනාධිපතිවරයා කියාසිටී.

වෘත්තීයවේදීන් සමග ජනාධිපති කාර්යාලයේ ඊයේ (09) පැවැති හමුවක දී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

මීට අමතරව, ප්‍රාදේශීය සභාවල විධායක බලය තනි සභාපතිවරයකු වෙනුවට සභාපති මූලික කාරක සභාවකට පැවරිය යුතු බවත්, ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මෙම සංශෝධන පිළිබඳ නීති කෙටුම්පත් සකස් කරන බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම