පූජනීය ස්ථාන සඳහා නව විදුලි ගාස්තු ක්‍රමයක්
2022-10-09 18:22:51
Share with:

පූජනීය ස්ථාන සඳහා වූ විදුලි ගාස්තු ක්‍රමය අහෝසි කර එම විදුලිබිල හරි අඩකට වඩා අඩුකිරීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියයි. මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේ ඊයේ(8) බැහැදුටු ඒ මහතා ඒ පිළිබඳව උන්වහන්සේ ලා දැනුවත් කළේය. ඒ අනුව පූජනීය ස්ථානවල විදුලිබිල පසුගිය අගෝස්තු මස 08 වන දින සිට පැවති බිල්පත් හා සමානව අයකර ගැනෙනු ඇත. ඒකකයක් සඳහා රුපියල් 32 ක් පමණක් අය‍ කෙරේ. විදුලි ඒකක 180 ට වැඩියෙන් භාවිත කරන ආගමික සහ පුණ්‍යායතන පොදු කාර්යය කාණ්ඩය යටතට ගැනේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම