පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක්
2022-10-09 18:25:17
Share with:

පෝෂණය සඳහා වූ විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කරයි. 

ඒ පිළිබඳ සාකච්ඡාවක් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේදී ඊයේ (08) පැවැත්විණ.  

එම කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ලෙස පෝෂණවේදය ඇතුළු ඒ ඒ ක්‍ෂේත්‍රයන්හී විශේෂඥ දැනුම ඇති වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් පත් කිරීමට නියමිතය.  2022 සිට 2024 දක්වා හදිසි පෝෂණ සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.

මූලික පියවර ලෙස ඉදිරි සතිය තුළ එක් පළාතක් තෝරාගෙන අදාළ පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම