“ඇමරිකා ප්‍රජාතන්ත්‍රවාදයේ”ආයතනික පරිහානිය
2022-10-09 18:19:35
Share with:

තිරසර සංවර්ධන දර්ශක ශ්‍රේණිගත කිරීම්වලින් ඇමරිකාවේ ස්ථානය පහළ යයි. ඇමරිකාව ගිය වසරේ එම ශ්‍රේණිගත කිරීමේ සිටි 32 වැනි ස්ථානයේ සිට මේ වසරේ 41 වැනි ස්ථානයට පහත වැටී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවකින් පෙන්නුම් කෙරේ. දරිද්‍රතාව, කුසගින්න, සමානාත්මතාවය සහ සෞඛ්‍යය ඇතුළු දර්ශක මත පදනම්ව එම තිරසර සංවර්ධන දර්ශකය සකස් කෙරේ.

එය “රෝගී ඇමරිකාව” යන්න පිළිබිඹු කරන තවත් සමීක්ෂණ වාර්තාවකි. ඇමරිකානු වැසියන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අඩු වී ඇත. ඇති නැති අතර පරතරය වැඩි වෙමින් පවතින අතර, වර්ගවාදය ද උග්‍ර වෙමින් පවතී. අවි ප්‍රචණ්ඩත්වය වැඩි වෙමින් පවතින අතර හමුදා පිරිවැය ඉහළ යමින් පවතින බවත් බොහෝ දත්ත මගින් පෙන්නුම් කෙරේ. එම ගැටලුවල මූලය වන්නේ “ඇමරිකා ප්‍රජාතන්ත්‍රවාදයේ” ආයතනික පරිහානියයි.

පසුගිය ජුනි මස සිට, වර්ගවාදය සහ ආර්ථික අසාධාරණත්වය ඇතුළු සමාජ ගැටලු වලට එරෙහිව, බොහෝ ඇමරිකා‍ පුරවැසියෝ විරෝධ ව්‍යාපාරවලට සහභාගි වෙති. ජාත්‍යන්තර මහජන සම්බන්ධතා උපදේශන සමාගමක් වන Edelman නිකුත් කළ නවතම දත්තවලට අනුව, එරට රජය කෙරෙහි ඇමරිකානු මහජනතාවගේ විශ්වසනීයත්ව අගය 43ක් දක්වා අඩුවී ඇති එය පසුගිය වසරට සාපේක්ෂව ලකුණු 5 ක අඩුවීමකි. 2017 සිට, එම දර්ශකය ලකුණු 10 කින් පහත වැටී ඇත. ස්වීඩනයේ ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ ආධාර ජාත්‍යන්තර සංගමයේ 2021 වාර්තාවෙන් ද, ඇමරිකාව “ප්‍රජාතන්ත්‍රවාදී පසුබෑමක්” ලෙසට ලැයිස්තුගත කර ඇත.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම