ගංවතුරින් විපතට පත් වූ පාකිස්තානයට ජගත් ප්‍රජාවේ අනුබලය හා සහාය ලබා ගැනීමට හැකිවනු ඇතැයි චීනය පවසයි
2022-10-08 16:07:11
Share with:

එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ තීරණය මගින් ගංවතුරින් විපතට පත් වූ පාකිස්තානයට ජගත් ප්‍රජාවේ අනුබලය හා සහාය ලබා ගැනීම පෙළඹවිය හැකි වෙතැයි චීනය බලාපොරොත්තු පළ කරයි.

එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය ඊයේ(07) අදාළ තීරණය අනුමත කිරීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීන ස්ථාවර නියෝජිත කණ්ඩායමේ සාමාජික Wang Hongbo මහතා මේ බව ප්‍රකාශ කළේය. 

එම තීරණය අනුමත කිරීමට චීන නියෝජිත කණ්ඩායම අනුබල දෙන බව හෙතෙම පැවසීය.එම තීරණය  සම්මත කිරීම හරහා පාකිස්තානයට මානුෂීය ආධාර,යළි ප්‍රතිසංස්කරණ හා ගොඩනැංවීම පිළිබඳ අවශ්‍යතාවන්ට ජගත් ප්‍රජාවේ වැඩි අවධානය යොමු වෙමින් ඵලදායික, කඩිනම් සහනාධාර ලබා දීමට හැකි වනු ඇති බවට හෙතෙම විශ්වාසය පළ කළේය.ඒ ඒ පාර්ශ්වයන් සමඟ පාකිස්තානයට අඛණ්ඩව හදිසි සහනාධාර ලබා දෙමින් චීනය පාකිස්තාන විපත් සහනාධාර හා පුනරුත්ථාපනය කටයුතු ක්‍රියාත්මක කිරීමට අනුබල දෙන බව  ද Wang Hongbo මහතා පවසා ඇත.  

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම