ගංවතුරින් විපතට පත් පාකිස්ථානයට ජගත් සංවිධානයේ සහය
2022-10-08 10:09:29
Share with:

ගංවතුරින් විපතට පත් වූ පාකිස්ථානයට සහය වීමට එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය තීරණය කරයි.

මෙම තීරණය, ජගත් මහ සම්මේලනය විසින් ඊයේ(7) සම්මත කෙරිණ. ඒ අනුව, ගංවතුර බලපෑම සමනය කිරීම, මධ්‍ය හා දිගුකාලීන පුනරුත්ථාපනය හා යළි ගොඩනැගීම වෙනුවෙන් පාකිස්ථාන රජයට පූර්ණ සහය ලබාදෙන්නැයි  එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය ඉල්ලාසිටී.  පරිත්‍යාගශීලී රටවල්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා ජාත්‍යන්තර සංවිධාන මෙන්ම පෞද්ගලික අංශ සහ සිවිල් සමාජය ඇතුළු ජගත් ප්‍රජාව වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කෙරිණ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම