මහ කන්නයේ වී ගොවීන්ට ගුණාත්මක බවින් ඉහළ කාබනික පොහොර
2022-10-08 18:30:26
Share with:

මහ කන්නයේ වී ගොවීන්ට ලබා දෙන කාබනික පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන් කෙරේ.ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයි. පසුගිය කාලයේ කාබනික පොහොර ලෙස තත්ත්වයෙන් බාල නිෂ්පාදන සැපයූ බවට චෝදනා තිබූ අතර මෙවර එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොතබන බවද හෙතෙම කියා සිටී.කාබනික පොහොර ප්‍රමිතිය පිළිබඳව සැලකිලිමත් වන ලෙස ඇමතිවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම