අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රතිසංස්කරණ රැසක්
2022-10-08 18:21:27
Share with:

අධ්‍යාපන ක්ෂේත්‍රයට ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.


නැනෝ තාක්ෂණය, බයෝ තාක්ෂණය හා කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් විශ්ව විද්‍යාල පාඨමාලාවලට ඇතුළත් කර දරුවන්ගේ දැනුම වර්ධනය කළ යුතු බවද හෙතෙම කියා සිටී.


මේ වනවිට විදෙස්ගතව ජාත්‍යන්තර මට්ටමේ දැනුමක් ලබා මෙරටට පැමිණෙන දරුවන්ට එම නව දැනුමට සමාන්තර රැකියා ක්ෂේත්‍රයක් ද රට තුළ නොමැති බව අමාත්‍යවරයා සඳහන් කරයි.


එම ගැටළු සැලකිල්ලට ගනිමින් මේ වනවිටත් මහාචාර්යවරුන්ගේ එකඟතාව ලබාගනිමින් උසස් අධ්‍යාපන විෂයමාලා විශ්වවිද්‍යාල මට්ටමින් නවීකරණය කිරීම සිදු කෙරේ.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම