නවීකරණය වූ ආර්ථික සහ සමාජ පරිසරයක් නිර්මාණය කිරීම වෙනුවෙන් පැවැත්වෙන චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය
2022-10-08 11:01:33
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසය ඔක්තොම්බර් 16  වන දින පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතී. චීන කොමියුනිස්ට් පක්ෂය 19 වන ජාතික කොංග්‍රසයේ සිට 20 වන කොංග්‍රසය දක්වා පැමිණි ගමන්මග ජයග්‍රහණ රාශියක් සපිරි ගමනකි. සිය පක්ෂයේ සියවන වර්ෂ පූර්ණයේ දී, නිරපේක්ෂ දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්කය ජය ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂය සමත් විය. මේ වන විට චීනයේ සිය 14 වන පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වෙමින් ඇත. එමගින් ඉහළ ආදායම් ලබන රටක් බවට පත් වීමේ  අපේක්ෂා දක්වා ඇත. දැනටමත් එම අභිලාෂයේ බොහෝ ඉලක්ක සපුරා ගෙන ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා කියා සිටී.

2035 වන විට සමාජවාදී නවීකරණ වැඩපිළිවෙළ සම්පූර්ණ කිරීමටත්, 2049 වන විට චීන කොමියුනිස්ට් පක්ෂය චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවා වසර සියයක් සම්පූර්ණ වන විට, නවීන සමාජවාදී රාජ්‍යක් සඳහා පසුබිම නිර්මාණය කිරීමට ත් අපේක්ෂා කෙරේ.

මෙම 20 වන ජාතික කොංග්‍රසය අතිශයින් තීරණාත්මක සංධිස්ථානයකි. ෂී ජින් පිං ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතුව ආරම්භ වීමට නියමිත මෙම කොංග්‍රසයේ දී, ස්ථාවර වැඩපිළිවෙළක් සමග චීනය ඉදිරියට ගමන් කරනු දැකීම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ අපේක්ෂාව වේ. ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ සියලු සාමාජිකයන්ගේ හෘදයාංගම සුභ පැතුම් චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයට පිරිනමන අතර මෙවර සමුළුව අතිශය වැදගත් සැසියක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම කියා සිටී.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ චීන කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දීර්ඝකාලීන සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වා ගෙන යාමට ඇති කැපවීම පිළිබඳව ද හෙතෙම බලාපොරොත්තු පල කරයි. පක්ෂ දෙක අතර සම්බන්ධතාව මෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා දිගුකල් දිනේවා යැයි ප්‍රාර්ථනා කරන බව ද ජී වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම