ගෝලීය ආර්ථික විපර්යාසයන්ට එක්ව මුහුණදෙන්නැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාගෙන් ඉල්ලීමක්
2022-10-08 09:46:24
Share with:

ගෝලීය ආර්ථිකය 'මූලික වෙනසකට' ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකර අධ්‍යක්ෂිකාව පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය, පසුගිය 6වැනිදා පැවති 2022 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සරත් ඍතු වාර්ෂික සැසියේදී මේ බව කියාසිටියාය.

වසර තුනකට අඩු කාලයක් තුළ, නව කොරොනා වසංගතය, යුක්රේන අර්බුදය සහ කාලගුණික ව්‍යසන වැනි බහුවිධ කම්පනයන්ට ලෝකය මුහුණ දී ඇත. මෙම සාධක ගෝලීය මිල ගණන්, විශේෂයෙන් ආහාර සහ බලශක්ති මිල ඉහළ යාමට හේතු වී ඇති අතර ජීවන වියදම් අර්බුදයක් ද ඇති කර තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

වත්මන් තත්වයට මුහුණ දීම සඳහා, උද්ධමනය මැඩපවත්වමින් නැගී එන වෙළඳපොළ සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථික ඒකකයන්ට ඒකාබද්ධව සහාය දෙන ලෙස Kristalina Georgieva මහත්මිය එහිදී අදාළ රටවලින් ඉල්ලා සිටියාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම