ලෝක සාමය ස්ථාපිත කිරීමට චීනයේ දායකත්වය අතිශයින් ප්‍රශංසනීයයි
2022-10-08 11:05:13
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වන ජාතික කොංග්‍රසයට උණුසුම්  සුභ පැතුම්  පිරිනමන බව ජාතික නිදහස් පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි. එක් තීරයක් එක් මාවතක් සමගින්, ලෝකයේ ජාතීන් අතර සමගිය හා සංස්කෘතික සබඳතා වර්ධනය කිරීමට මෙන්ම ලෝක ජනතාවගේ ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් චීන මහජන සමූහාණ්ඩුව ඉටු කරන කාර්යභාරය ඉතා ප්‍රශංසනීය ය.

ලෝකය තුළ ජාතීන් සහ ආගම් වශයෙන් ගැටුම් නිර්මාණය කිරීමට අධිරාජ්‍යවාදී රටවල් උත්සාහ දරමින් සිටී. නමුත් එයට ප්‍රතිවිරුද්ධව ලෝක සාමය ස්ථාපිත කිරීමට චීනය දරන කැපවීම අතිශයින් පැසසුම් සහගතය. ඒ සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය ලබා දෙන දායකත්වය ද විශේෂයෙන් අගය කළ යුතු බව ද මන්ත්‍රීවරයා කියා සිටී.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය සහ මානව සංවර්ධනය සඳහා ද චීනය විශාල ශක්තියක් ලබා දී ඇත. වත්මන් ආර්ථික අර්බුදය සහ ආහාර අර්බුදයේ දී චීන රජය ලබා දී ඇති සහයෝගයන් සුවිශේෂී වේ. ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී චීනය ලබාදෙන ධෛර්යය හා මිත්‍රත්වය ශ්‍රී ලංකාවේ නැගී සිටීමට විශාල දායකත්වයකි .

චීනය‍‍ට ලෝක සංවර්ධන ගමන් මග තුළ ශක්තිමත්ව ඉදිරියට යාමට සුභ පැතුම් එක් කරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම