2023 දී ඇමරිකානු ආර්ථිකය 0.5% කින් හැකිලෙනු ඇතැයි හෙළිවේ
2022-10-08 09:17:20
Share with:

2023 වසරේ දී ඇමරිකාවේ ආර්ථිකය 0.5% කින් හැකිලෙනු ඇතැයි එරට බුද්ධ මණ්ඩලයක් පුරෝකථනය කරයි.

ඇමරිකාවේ ආර්ථිකය මේ වසරේ සියයට 1.7කින් වර්ධනය වන අතර, ලබන වසරේ සියයට 0.5කින් හැකිලෙනු ඇතැයි  වොෂින්ටනයේ ප්‍රමුඛ බුද්ධ මණ්ඩලයක් වන ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිළිබඳ පීටර්සන් ආයතනය විසින් ඉකුත් 6 වැනිදා නිකුත් කරන ලද අර්ධ වාර්ෂික ආර්ථික පුරෝකථනයකින් හෙළිවෙයි.

ජාත්‍යන්තර ආර්ථික විද්‍යාව පිළිබඳ පීටර්සන් ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු මෙන්ම හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකු වන කැරන් ඩිනන් මහතා, වසරක පමණ මන්දගාමී ආර්ථික වර්ධනයක් උද්ධමනය සැලකිය යුතු ලෙස පහත වැටීමට හේතුනොවනු ඇතැයි පෙන්වා දී තිබේ. ඔහු මේ බව පැවසුවේ, ආර්ථික අනාවැකි ප්‍රකාශයට පත්කරමින් වීඩියෝ ආකාරයෙන් පැවති සම්මන්ත්‍රණයට එක්වෙමිනි. එබැවින් ඇමරිකාවේ ආර්ථිකය අවපාතයකට ලක්විය හැකිය.

ලබන වසරේ ඇමරිකාවේ විරැකියාව සියයට 5.5 ක් දක්වා ඉහළ යනු ඇතැයි ද කැරන් ඩිනන් මහතා අනාවැකි පළකර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම