2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව පහළට
2022-10-07 16:53:22
Share with:

2023 වසරේ ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂිත වේගය ලබන සතියේ දී පහළ දමන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. එම අරමුදලේ අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය ඊයේ(06) සඳහන් කළා ය.

ගෝලීය ආර්ථික පිරිහීමේ අවදානම ඉහළ යමින් පවතී. ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට හිමිකම් කියන ආර්ථික ඒකකය මෙම වසරේ හෝ ලබන වසරේ අවම වශයෙන් කාර්තු 2ක් ඇතුළත අඛණ්ඩ ව ආර්ථික පිරිහීමකට මුහුණ දෙනු ඇති බව තක්සේරු කෙරේ. ආර්ථිකය මන්දගාමී වූවද විවිධ රටවල මහා බැංකු ඉහළ උද්ධමනයට අඛණ්ඩ ව මුහුණ දිය යුතුව ඇතැයි ද Kristalina Georgieva මහත්මිය සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම