ජනාධිපතිවරයා ගෙන් පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්
2022-10-06 14:49:52
Share with:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරයි

ආර්ථික තත්ත්වය පිළිබඳ එහිදී විස්තර කළ හෙතෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු පියවර සාර්ථක වී ඇති අතර දෙවන අදියර පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බව සදහන් කළේය. ණය ලබාදුන් රටවල් හා පුද්ගලික ණය හිමියන් සමග එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලබාගත හැකිය . දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකා ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබාදීමට කැමැත්ත පළ කර තිබෙන බවද හෙතෙම පැවසීය.මේ අතර චීනය සමග ණය  ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ  මුලික සාකච්ඡා දැනටමත් ආරම්භ කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා, අතීතයේ සිටම චීනය ශ්‍රී ලංකාවට සහාය ලබා දී ඇති බව කියා සිටියේය.මේ අතර සිංගප්පූරුව සමග අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාවට නැංවීමට හැකියාව ලැබී නොමැති අතර  අතර, එය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට හැකි වුවහොත් ඉන් රටට ලැබෙන වාසිය අති විශාල බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රැඩිකල් ආර්ථික ප්‍රතිපත්ති රැසක් ක්‍රියාත්මක කළ  යුතු බව ද වික්‍රමසිංහ මහතා කීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම