දෛනික බොර‍ තෙල් සැපයුම අඩු කිරීමට තෙල් නිශ්පාදන රටවල් තීරණය කරයි
2022-10-06 16:16:39
Share with:

නොවැම්බර් මාසයේ සිට දෛනික බොර තෙල්  සැපයුම බැරල මිලියන 2කින් අඩු කිරීමට OPEC සංවිධානය සහ OPEC සංවිධානයට අයත් නොවන ඛනිජ තෙල් නිෂ්පාදන රටවල් තීරණය කරයි.

ඊයේ(05) ඔස්ට්‍රියාවේ වියානා හි පැවති OPEC සංවිධානය සහ OPEC සංවිධානයට අයත් නොවන ඛනිජ තෙල් නිෂ්පාදන රටවල 33වැනි ඇමති මට්ටමේ රැස්වීමේ දී මෙම තීරණය ගැනිණ. 2020 වසරේ මාර්තු මාසයෙන් පසු, OPEC සංවිධානය සහ OPEC සංවිධානයට අයත් නොවන ඛනිජ තෙල් නිෂ්පාදන රටවල් මාර්ගගත නොවන ආකාරයෙන් පැවැත්වූ ප්‍රථම ඇමති මට්ටමේ රැස්වීම මෙයයි.

රැස්වීමෙන් පසු නිකුත් කෙරුණු නිවේදනයට අනුව, ගෝලීය ආර්ථික හා ඛනිජ තෙල් වෙළඳපොළේ අනාගත අවිනිශ්චිතභාවය මෙන් ම, ඛනිජ තෙල් වෙළඳපොළ කෙරෙහි දිගුකාලීන මාර්ගෝපදේශනයක් ලෙසට එම තීරණය ගෙන ඇත. 2020 වසරේ එළඹි සැපයුම් අවම කිරීමේ ගිවිසුම ලබන වසර අවසානය දක්වා දීර්ඝ කරනු ඇති බව ද එම නිවේදනයේ දැක්වෙයි.



ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම