ශීත ඍතුවේ දී ඇමරිකාවේ නව කොරොනා වසංගතයේ යළිත් මහා පරිමාණ ව්‍යාප්තියක් සිදු වනු ඇති බවට අනතුරු ඇඟවීම්
2022-10-06 15:50:34
Share with:

ශීත ඍතුව එළඹීමත් සමඟ, ඇමරිකාවේ නව කොරොනා වසංගතයේ මහා පරිමාණ ව්‍යාප්තියේ නව වටයක් නැවතත් සිදු විය හැකි බව ඇමරිකානු විශේෂඥයෝ පෙන්වා දෙති. නව විකෘති ප්‍රභේද  මතුවීමේ හැකියාව ද වැඩි වනු ඇතැයි ඔවුහු පවසති.

ඇමරිකානු The Atlantic පුවත්පත ඊයේ(5) ලිපියක් පළ කරමින් පැවසුවේ, නව කොරොනා වසංගතය අවසන් බවට ඇමරිකානු රජය ප්‍රකාශ කළ ද, සෑම දිනකම ඇමරිකානුවන් දස දහස් ගණනක් තවමත් ආසාදිතයන් ලෙසට තහවුරු කෙරෙන අතර, සෑම දිනකම ඇමරිකානුවන් සිය ගණනක් නව කොරොනා වෛරසයෙන් මිය යන බවයි.

අඛණ්ඩ අසාර්ථක වසංගත වැළැක්වීමේ ප්‍රතිපත්ති හා රජයේ වගකීම් පැහැර හැරීම් යන මීට පෙර ඇති වැරදි, ඇමරිකානු රජය  යළි යළිත් සිදු කරමින් සිටින බව, මෙම ලිපියේ සඳහන් වෙයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම