ශ්‍රී ලංකා දුපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක්
2022-10-05 15:03:34
Share with:

ශ්‍රී ලංකා දුපත් සංවර්ධන අධිකාරිය නමින් නව ආයතනයක් ස්ථාපිත කෙරේ. රට වටා පිහිටි දුපත් සමුහය සංවර්ධනය කර එය රටේ ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස යොදා ගැනීම මෙහි අරමුණයි. මේ සඳහා වන කැබිනට් පත්‍රිකාව නුදුරේදීම අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. නිසි සැලසුමක් යටතේ දුපත්වල භෞතික හා සමාජ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතුය. මෙතෙක් මෙවැනි වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක නොවු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම