නිවාඩු කාලයේ තුළදී ද විදේශ ව්‍යාපෘති වල චීන සේවකයෝ සිය සේවාවන්හී අඛණ්ඩව නිරතව සිටිති
2022-10-04 15:04:39
Share with:

චීන ජාතික දින නිවාඩු කාලයේ විදේශ ව්‍යාපෘති වල චීන සේවකයෝ සිය සේවාවන්හී අඛණ්ඩව නිරතව සිටිති. 

Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ මෙන්ම චීන-ඉන්දුනීසියා ප්‍රායෝගික සහයෝගිතාවේ සංකේතවත් ව්‍යාපෘතියකි.එය චීන අධි වේගි දුම්රිය ප්‍රථම වරට විදේශයන්හී ක්‍රියාත්මක පූර්ණ පද්ධතිය , පූර්ණ සාධක හා පූර්ණ කර්මාන්ත දාමය සහිත ව්‍යාපෘතියකි. 

චීන ජාතික දින නිවාඩුව කාලය තුළදී ද , එම ව්‍යාපෘතියේ සේවයේ නිරත චීන ඉදිකිරීම්කරුවෝ ව්‍යාපෘතිය සාර්ථකව ඉදිරියට ගෙන යම සහතික කිරීම සඳහා සිය  කාර්යන්හී අඛණ්ඩව නිරතව සිටිති.අග්නිදිග ආසියාවේ ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගය ලෙස Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම චීන ප්‍රමිතීන්ට අනුකූලව ඉදි කෙරේ.ඉදිකිරීම් ආරම්භයේ සිටම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කෙරෙමින් පවතී. පසුගිය සැප්තැම්බර් මස අග වන විට අවසන් වූ ඉදිකිරීම්  සමස්ත ඉදිකිරීමෙන් සියයට 91.8 ක් වන අතර උමං මාර්ග 13 ම සම්බන්ධ කර ඇත.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම